වසර දහස් ගානක් සතුටින් හිටපු
මගෙ අම්මගෙ පපුව උඩට
සුද්දන්ගේ පව්කාර කකුල් තියපු
දවසේ ඉදන්ඈ සිනාසුනේ නෑ
ඈ හඩා වැලපුනේද නෑ
ඒ ඇගේ පුතුන් ඈ
වෙනුවෙන් සටන් වැදුන නිසා
ඈ ආඩම්බර උනා
ඈ බිහිකලේ වීරයන් මිසනිවටයන් නොවන බැවින්
අන්තිමේ සුද්දා ඈ අතහැරලා ගියාට
පස්සෙත්ඈ සිනාසුනේ නෑ
සුසුමක් හෙලා නිහඩව සිටියා මිස
ඒත්සුද්දා ඉන්නකොටත්
නොහඩපු මගේ අම්මාවිලාප තියා හඩාවැටුනා
ඇගේ දරුවන්ම එකිනෙකා මරාගන්නවා
මගේ අම්මා කවදාවත් නැති තරමට
අසරණ වුනාඒත් අන්තිමට
ඇගේ පුත්තු ආපහු එකතු උනාපලවෙනි වතාවට
ඈ සිනාසෙන්න හිතුවා ඒත්ඈ සිනාසෙන්න සිතන විටම
ඇගේ පුත්තු ආපහු බෙදිලා
අනේ මගේ අම්මා හිනාවෙන්න
හිතුවා විතරයිමුං ආපහු ඇනකොටා ගන්නවා
අනේමගේ අම්මා ආපහු හිනාවෙන්නේ කවදාද?