





ආයෙත් වැසි සමයක්
කොළඹ මල් පාරේ
මල් ගස් හේදී ගෙන
මෝසම් වැසි ඇද හැලෙද්දී
වැස්සේ
ඒ වැස්සට තෙමිලා
දූවිලි ඉවත්වෙලා
කාපට් පාර ඔපවත් වෙලා
පාර්ක් එකේ තුරු ලතා
නැවුම් පෙනුමකින්
අළුත් පණකින් අවදි වෙලා
රස්නය මැකිලා
සුන්දර සිසිලසක්
නගරය වෙලා ගෙන
වැස්ස හින්දා
වෙනස් වෙන්නේ
බාහිර පරිසරයේ
තියෙන දේවල් විතර ද?
ආදරණීය මතකයන්?