සිද බිද දමා තිරිසන් ගති තත් අතර
වැයුවෙ නුබයි මිනිසත් වෙණ දෙරණ මත
අහසින් බඹුන් අවුදින් මල් ඉසුවද
නුඹ වෙණ වැයුවෙ දුක් දෙන දනන් වෙත
පෙරමුණ පිණිස රට ගෙන යන පිරිස මැද
රතු දද වැනෙන විට සිත් මල් පුබුදු කොට
රට,රට ලෙසින් සුරැකෙන්නට පැතු නුඹ
දිනුමට පෙරම නික්මිය සහෘදය ලොවින
මිනිසා නුඹය දෙවියන් පැරදු මෙලොව
දෙවියන් නුඹයි තත්සර ලොව හැම දාම
මිනිසුන් දිනන දා මෙ ලක මතු දාක
පහන් තරුව නුඹමයි හැම පියවරක