Thursday

සැමදාම ගිලිහුනත්

උණු කඳුලු බිංදුවක්

දැක්කමයි ඒ බිඳක

උතුරනවා සතුටක්.....

ජීවිතය ජයගන්න

ඔබට සෙවනක් වෙන්න

පෙව් රන් කිරි කඳුලුවුනා

මගෙ දිවිය සවිමත්....

මා සුවෙන් නළවන්න

ඔබ ගැයු ගී වදන්

මම ගයමි සෙනෙහසින්

සනසන්න ලොකයක්.....

මහමෙරක් බර දරන්

සිත පුරා තද කරන්

උන්නු ඒ ඇස් දෙකෙන්

දුන්නු ආලොකය සැපක්.....

ඔබ පෑව ගුණහරුකම්

වේවි මගෙ ලොව ඔපවත්

මිලක් නියම නැතිවුත්

වේවි සදහට ස්නෙහයක්...

About Me

My photo
sabaragamu university student

Blog Archive