Friday

සංසුන් මනස ගෙනදෙයි සැනසිම

'දූරඞගමං ඒකචරං
අසරීරං ගුහාසයංයේ
චිත්තං සඤ්ඤමෙස්සන්ති
මොක්ඛන්ති මාරබන්ධනා'
ගුහාවක වාසය කරන තැන තැන හැසිරෙනඉන්නා තැනක් සොයා ගන්නට බැරි මේ සිතදමනය කළේද ඔහු මාරයාගේ බැම්මෙන් මිදුනෝ වෙයි. වර්තමානයේ සියලු දෙනාමපාහේ කාර්ය බහුල ලෝකයක් කරා අවතීරණ වෙමින් සිටිති. කායික හා මානසික වෙහෙසට පත්වු පුද්ගලයා තම කාර්යයන්ගෙන් මිදී විවේකීව සිටින්නට උත්සාහ කරයි. ඒ සඳහා සමහර අයෙක් ව්‍යායාම වලද, විනෝදගමන් යාමද, මිතුරන් හා එක්වී මී විතක් රස බැලීමෙන්ද කායික මානසික විවේකයක් ලැබීමට උත්සාහ කරති. එහෙත් එයින් සදාකාලික මානසික තෘප්තියක් අත් විඳිය නොහැක. අපි සියලු කල්හිම පසිඳුරන්ගෙන් අරමුණු රැස් කරමින් සිටිනෙමු. එහෙත් ඉන්ඳ්‍රියන් පිනවා සෑහීමකට පත් වුයේ කවුද? මිනිසා සතු අතෘප්ති කර ආශාවන් නිසා සෑහීමකට පත් නොවීම හේතුවෙන් ඉච්ජාභංගත්වයට පත් පුද්ගලයා මානසිකව වෙහෙසට පත් වෙයි. මෙයට හේතුව අප නිතරම ඇසින්, කනින්, නාසයෙන්, දිවෙන්, කයෙන් ගන්නා රූප, ශබ්ද, ගන්ධ, රස , ස්පර්ශයන් නිසා, ලෝභ, ද්වේශ, මෝහ, රාග යන අකුසල චෛතසික ධර්ම අප සිතතුළ වර්ධනය වීමයි. මෙවැනි අසහනකාරී පුද්ගලයන් නිසා සමාජයට විවිධ බලපෑම් ඇති කරයි. මේ නිසාම කායික රෝග මානසික රෝග පීඩාවලටද හේතු වේ. බටහිර වෛද්‍ය විද්‍යාව පිළිගත්තේ මෑතක් වනතුරුම කායික හා සාමාජික සෞඛ්‍යය පමණි. එහෙත් අද වන විට කායික හා සාමාජික හා අධ්‍යාත්මික සෞඛ්‍යයත් පවතින බව බටහිර වෛද්‍ය විද්‍යාවද පිළිගෙන ඇත. ඔවුන් මේ පිළිබඳ පර්යේෂණ කර ඇති අතර දැනට පර්යේෂණ වලට බඳුන් වෙමින් පවතියි. ඔවුන් ප්‍රකාශ කරන්නේ ස්නායු ගත රෝග රුධිර පීඩාවන් වැනි ආබාධයන්ට මානසික නොසන්සුන් බවද හේතුවන බවයි. අකුසල චෛතසික ධර්මයන්ගෙන් වෙහෙසට හා පීඩාවට පත් වු මනසක් සංසිඳ වීමට, නිවීමට හික්ම වීමට වඩාත් සුදුසු වන්නේ, භාවනාව බව බටහිර වෛද්‍ය විද්‍යාවම පිළිගෙන හමාරය. පුද්ගලයා තුළ මානසික සන්සුන් බව ඇති කර ගැනීමෙන් නීරෝගී බව, ධාරණ ශක්තිය වර්ධනය වීම නිවැරදි තීරණ ගැනීමේ හැකියාව, ප්‍රශ්න වලදී කලබලයට හා කම්පනයට පත් නොවීම ස්වභාවය තේරුම් ගැනීමට හැකිවීම ඥාන ශක්තිය වර්ධනය වීමද ඉවහල් වනු ඇත. බුදු දහමෙහි මානසික සංවර්ධනයට නිර්දේශිත මාර්ගය භාවනාවයි. බෞද්ධ භාවනාව සමථ භාවනා හා විපස්සනා යනුවෙන් කොටස් දෙකකි. භාවනාව යනු හුදෙක් මනස සංවර්ධනය කිරීමේ ක්‍රියාවලියකි.

About Me

My photo
sabaragamu university student

Blog Archive