
අපි කතා බහ කරන්න ආසම මාතෘකා දෙකක් තියෙනවා එකක් තමා බීම අනික තමා පොත්. ඔය දෙකටම අපි හරිම ආසයි. බීම බොන්න, ඒවා ගැන කියවන්න, බීම ගැන යන වැඩසටහන් බලන්න, හදන හැටි දැනගන්න. බීම එක්ක අත්හදා බැලීම් කරන්නත් කොටින්න්ම බීම සම්බන්ද හැම දේටම අපි කැමතියි.පොත් ගැනත් එහෙමයි.. බීම ගැන ලියන්න තහනම්ද මන් දන්නේ නැහැ විකුනන්න හදන්න හොඳ දෙයක් ගැන ලියන්න සමහරවිට තහනම් ඇති. ඒත් මට මන් ආසදේ ගැන ලියන්න ඕනේ. මන් කාටවත් බොන්න නම් කියන්නේ නැහැ. .මට මගේ ජීවිතේ හම්බ උන අනික් අයට අංචි අදින, උගුල් අටෝන, ඊරිසියා කරන , කමකට නැති ගොඩක් අය හතර පෝයට සිල් ගන්න අරක්කු බිංදුවක් කටේ තියන්නේ නැති අය හැබැයි මට හමබ උන බේබද්දෝ ගොඩක් දෙනා තමන්ට පුළුවන් උපරිමෙන් හිත හොඳ මිනිස්සු. නරක බේබද්දෝ නැත්තේමත් නැහැ ඒත් සාපේක්ෂව බොන අය හොඳයි.. එක තේරුමක් තියේවිද මන්දා.අපේ තාත්තගේ පැත්තේ ඉන්නවා හොඳටම බොන නෑයෝ. බීලා බිලා නැති වෙච්ච අය ඉන්නවා. අම්මලාගේ පැත්තේ ඉන්නේ සේරම ගානට බොන අය ඉතින් අමුතුවෙන් බොන එකේ පල විපාක මට කවුරුත් කියන්න ඕනේ නැහැ මන් ඒවා ඇස් පනාපිටම දැකලා තියෙනවා. . කුණු වෙන්න බොන මිනිස්සු ඉක්මනට මැරෙනවා කියලා මන් දන්නවා. ඒත් වෙනස තියෙන්නේ මන් බීම ගැන ලිව්වට එහෙම කුණු වෙන්න බොන්නේ නැති එකයි. මන් පන්සිල් ගන්නවා ඒත් සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමනී සික්ඛාපදන් සමාදියාමී කියන එක දන්නවා . මේ සිල් පදය තුල අනික් ඒවාට වඩා වෙනසක් තියෙනවලු ඒක තමා ක්රියාව සහ ප්රථිපලය යන දෙකම මේකේ තියෙන එක.සුරාව- පැසවූ මත්පැන් මන් හිතන්නේ අරක්කු වගේ ඒවාමේරය - පදම් නොකල මත් පැන් - රා වගේ ඒවා වෙන්න ඕනේ.මත් වීම - සිහිය විකල් වෙනපමාව - ප්රමාදයට හේතු වෙන - මේකනම් මන් හරියටම දන්නේ නැහැ මන් හිතන්නේ නිවනට පමා වෙන. කෙනෙක් හැම වෙලේම සිහියෙන් ඉන්නේ නැත්නම් ඒක නිවනට පමා වීමක් කියන එක කියලා මන් හිතන්නේ. උපුටා ගැනීම බුදුමග (31/12/2009 - 18 පිටුව )ඔය නොබොන අයගෙන් කීයෙන් කී දෙනාද සිහියෙන් ඉන්නේ? මත් නොවී ඉන්නේ , අඩුම ගානේ මත් වෙන්න දෙයක් නැත්නම් ටීවී එකේ යන මෙගා නාට්ටියකින් හරි මත් වෙලා ඉන්නේ ඉතින් මටනම් බොන නොබොන දෙගොල්ලොම එකයි
පුලුවන්නන් ඔබ බ්ම ගැන වඩාත් හිතල බලන්න