

හා පැටියෝ එන්න යන්න
අපේ වෙහෙරේ නතර වෙන්න
බුදු සාදුට මල් පුදන්න
මතු සසරින් එතෙර වන්න
අනේ සාදු කොහොම එන්න ?
මගෙ අම්මා ගෙදර ඉන්න
බව දන්නවා බලා ඉන්න
හනික ඕනි ගෙදර යන්න
හා පැටියෝ මේ අහන්න
අපිත් එක්ක ඔයා එන්න
පුංචි සාදු කෙනෙක් වෙන්න
අම්මා ඒවි බණ අහන්න
අනේ සාදු කොහොම එන්න ?
ලෙය කිරිකර මටම දුන්න
අඳ අම්මට ගෙදර ඉන්න
ඉන්නේ මමයි පිහිට වෙන්න !!!