Thursday
ඡන සාහිත්‍යයේ සමාඡ බලපැම
ප්‍රාථමික හෝ සංකීර්ණ බවට පත් ජන සමූහයන් අතර කාලයක් තිස්‌සේ මුඛ පරම්පරාගත සම්ප්‍රදායෙන් ව්‍යාප්ත වූ ඥාන සම්භාරය ජනශ්‍රැතිය නම් වේ. මේ පාරම්පරික නැණ නුවණ ගද්‍යයෙන් හෝ පද්‍යයෙන් හෝ ඒ දෙකෙන්ම හෝ නිර්මාණය වී ජන සමාජය තුළ පැවත එයි. එසේ පැවත ඒමේදී මූලික වශයෙන් ආකෘතිමය වෙනසක් සිදු නොවෙතත් කාලානුරූපීව බසෙහි කිසියම් වෙනසක් සිදු වෙයි.ජනශ්‍රැති විද්‍යාඥයන් නොයෙක් අර්ථකථන දක්‌වා ඇතත් ඒවා සියල්ලෙන්ම කියෑවෙන්නේ "ජනශ්‍රැතිය යනු මුඛ පරම්පරාගතව කාලයක් තිස්‌සේ පැවත එන සාමූහික දැන නුවණ බව" යි.සාමූහික දැන නුවණ යනු මුළු මහත් ජන සමාජය විසින් ම ලබා ගන්නා වූ අත්දැකීම් සම්භාරයයි. ජන කවියක් හෝ කිසියම් ජනශ්‍රැතියක් තේරුම් ගැනීමේදී ජන සමාජය විසින් එය අත්විඳින ආකාරය හෙවත් ප්‍රයෝජනයට ගන්නා අන්දම හා එය සමාජය පුරා ව්‍යාප්ත වන ආකාරය ද විමසා බැලීම ජනශ්‍රැති අධ්‍යයනයේදී වැදගත් වේ. වර්තමානයේ බොහෝ දෙනෙක් ජනශ්‍රැති හෙවත් ජන සාහිත්‍යය පවතින්නේ සාක්‌ෂරතාව නැති ප්‍රාථමික සමාජ ස්‌ථරයන් සඳහා පමණක් යෑයි සිතති. මේ සිතුවිල්ල සම්පූර්ණයෙන් ම නිවැරදි නොවේ. වැදි, පිග්මි, ඇස්‌කිමෝ වැනි ප්‍රාථමික ජන සමාජවල මෙන්ම වර්තමාන දියුණු යෑයි කියා ගන්නා සමාජයන් තුළ ද ජනශ්‍රැති පහළ වේ. එමෙන්ම ඔවුනට ද ජනශ්‍රැතිවලින් කිසියම් ප්‍රයෝජනයක් ලබා ගත හැකි වේ.භාෂාව හඳුනාගැනීමට පෙර මිනිසා විසින් ශබ්ද සංඥ භාවිත කළේය. එම මුල් යුගයේ සිටම ජනශ්‍රැති පහළ වන්නට ඇතැයි සිතිය හැක. එසේ ඇරඹි දැන නුවණ භාෂාව දියුණුවත් සමඟ ම සාහිත්‍යමය රසයක් කැටි වන අන්දමට රසය හා සමාජ උපදේශනය මුල් කරගත් සාහිත්‍යමය අංගයක් ලෙස ජන සාහිත්‍යය අප අතරට එක් වන්නට ඇත.ජනශ්‍රැතිය මුලින්ම ඇති වූයේ පුද්ගලයකු මුල් කරගෙන විය හැක. එහෙත් පුද්ගලයකු ප්‍රකාශ කළ හෝ නිර්මාණය කළ කතාවක්, වැකියක්, පිරුළක්, ජන කවියක්, තේරවිල්ලක්, ඇදහිල්ලක්, යාදින්නක්, නාට්‍යාංගයක් උපහැරණයක් ආදී වශයෙන් ඇති ජනශ්‍රැති ජන සමාජය විසින් මැකී යන්නට නොදී රැක ගත්තේ කුමක් නිසා දැයි සිතිය යුතුව ඇත. මෙහිලා අපට පැහැදිලි වන්නේ එකී ජනශ්‍රැතිවල ඇති වින්දනාත්මක භාවපූර්ව බව ඒවා යුගයෙන් යුගය සුරැකී පැවතීමට හේතු වූ බවයි.සමූහ විඥානයට පුද්ගලයා කී දේ පිළිගැනීමට හැකි වූයේ ඒවායේ තිබූ සමාජ විඥානයට අභිරුචි බව නිසා ය. බොහෝ කාලයක සිට ඇසූ "අන්දරේගේ කතා" හා කවි වර්තමානයේදී වචනවල මද වෙනස්‌කම් සහිතව අපි තවමත් රස විඳිමු. "අන්දරේගේ කතා" මෙන් ම ගමරාළගේ කතා ද අප අතරේ තවමත් ර¹ පවතින්නේ සාමූහික ජන විඥනයට ඒවා මැනවින් ගැලපුන නිසා ය.අන්දරේ එදා කී කවි තවමත් අප අතර නොමැකී පවතිතත් මෑත යුගයේ හෙවත් කොළඹ යුගයේ ඇතැම් කවියන් කිවූ කවි අප අතරෙන් සදහටම වියෑකී දූරීභූතව ගොස් ය.ජනශ්‍රැතින් අතර එන ජන සාහිත්‍යාංගයේ එක් අංගයක් වූ ජන කවිය ආරම්භ වන්නට ඇත්තේ සිංහල ජාතිය ඇති වන්නටත් පෙරාතුව විය හැක. මෙරට ජන කවියේ ආරම්භය කෙසේ සිදුවිනදැයි කිව නොහැකි වෙතත්, ආදිවාසීන් සතුව පැවත එන වැදි ජන කවිවල මූලාරම්භය පැරැණි ජන කවියේ නෂ්ටාවශේෂයන් වශයෙන් සැලකිය හැකි වේ. වර්තමානයේ දක්‌නට ඇති අපේ පැරැණි ජන කවි අතරින් වඩාත් ජනප්‍රිය ජනකවි විශේෂයක් වන්නේ ආදර ජන කවි හෙවත් පෙමින් බැඳි කී ජන කවි ය.හේන් ගොවිතැන ජීවනෝපාය කරගත් දිගාමඩුල්ල වෙල්ස්‌ස බින්තැන්නේ ගැමියන් සිය ජීවන අරගලයේදී නැගෙන වේදනාව, දුක, දොම්නස, කාන්සිය දුරු කර ගන්නට මෙන්ම ඇති වන සතුට, සැනසුම ප්‍රීතිය විඳදරා ගැනීමටත් මාධ්‍යය කරගත්තේ වැඩි වශයෙන් ම ජන කවියයි කීම අතිශයෝක්‌තියක් නොවේ.හේනේ පැලෙන් හා ගොවි ගෙදරින් ඇහෙන ජන කවිය තුළින් හේන් ගොවියන්ගේ විවිධ ජීවන ගැටලු ගැන මෙන්ම හේන් ගොවිතැනේ අවස්‌ථාවන් ද විදහා දැක්‌වේ. පැල් කවි, හේන් කවි, බඹර කවි හා යාදිනි කවි මෙන්ම ආදර කවි කීමෙහිද අපූරු දක්‍ෂතාවක් ජන කවියා තුළ තිබූ බව ඔවුන් යොදා ගත් උපමා රූපක ආදියෙන් මතු කර දැක්‌වූ කාව්‍ය සිතුවිලිවලින් පැහැදිලි වේ.මුතු මැණිකේ නම් සිය පෙම්වතිය කෙරෙහි අසීමිත ලෙසින් බැඳී ගිය පෙම්වතකු තම සිතුවිලි සමුදාය වක්‍රෝත්තියෙන් තොරව, අශ්ශීල බවෙන් මිදී පවසා ඇත්තේ මෙසේ ය.මුතු මැණිකේ ඉඳලා ගිය කඩුල්ලේසීන් කෙන්දි මල් පිපුණයි ඇසිල්ලේබාන් වෙලා රෑ තුන්යම මුළුල්ලේනිදි නම් හොඳයි මුතු මැණිකෙගෙ තුරුල්ලේබැද්දේ දිවි ගෙවන නාඹර නාඹිරියන්ගේ ආදර හැඟුම් කාමුක සිතුවිලි බවට පත් නොවුණා නොවේ. එබඳු අවස්‌ථාවල ඔවුන් ඒවා විඳ දරා ගත්තේ ජන කවියේ මාර්ගයෙන් තම සිතුවිලි අව්‍යාජව කියා පෑමෙනි. මුතු මැණිකෙගේ රස පහස විඳ ගැනීමට තිබුණා නම් හොඳ යෑයි වක්‍රෝත්තියෙන් තොරව කියන තරුණයා මැණිකෙගෙ පුසුඹ සිතින් ආඝ්‍රණය කරන්නේ මැණිකේ තමා හමුවීමට පැමිණ ඉඳි කඩුල්ල ළඟට වී සිටි මොහොත සිහි කරමිනි. ඇය පෙම්වතා හමුවට පැමිණ ඇත්තේ හවස් මානේය. ඇය සිටි ඉසව්වෙන් සීන් කෙන්දි මල් පිපුණ බවක් කියන්නේ එබැවිනි. "සීන් කෙන්දි මල්" හෙන්දිරික්‌කා මල්ය. හෙන්දිරික්‌කා මල් ගැමියන් හඳුන්වන්නේ හීන්කෙන්දි මල් යන අපූරු ලස්‌සන නමකිනි. එමලේ ඇති ලා රත් පැහැය හැඩය, සුවඳ කවියා තරුණියට ආරෝපණය කරයි."තරුණියගේ රස තුරුල්ලෙහි නිදා ගන්නට ඇත්නම් හොඳයි" යෑයි සිතන කවියා ඇගේ මල් කැකුළක් වන් ළය මඩල දෙස සරාගී ලෙසින් බලන්නේ.........කුකුළුවනේ අඬලන්නේ එළිවෙන්ටමකුළුවනේ දැල් ලන්නේ බිජුලන්ටබඹ රජුනේ රොන් ගන්නේ පැණි ලන්ටකැකුළු තනේ මෝරන්නේ බිළිඳුන් යනුවෙනිතරුණයා සිය සිතුවිලි අව්‍යාජව කියා පෑ ආකාරය අසන්නන් තුළ රස දනවන්නේ ඕලාරිකව නොවේ. ඔවුන්ගේ ඉඟි බිඟි අඟර දඟර රසවත් ය. ඒවායින් නැගෙන ශෘංගාර රසය අගය කළ හැකිය. එහි ඇත්තේ හුදු කාමයම නොවේ. අශ්ශීල හෙවත් ඕලාරික නොවන මෙවැනි කවිවලින් පෝෂිත වූ ගැමි තරුණ තරුණියන්ගේ හැඟීම් ද ආස්‌වාදජනකය. කිසියම් අවශ්‍යතාවක් සඳහා බිබිලට ගිය තම ආදරවන්තිය සිහිකොට තරුණයෙකු කියන මේ කවි දෙක කෙතරම් ආස්‌වාදජනක ආදරණීය හැඟීම්වලින් පිරී පවතී ද යන්න විමසා බලන්න.පීරලා කොණ්‌ඩය බැඳ නොබැන්දැ යිහිඳ බැහැලා මැද මිදුලට පලද්දැ යිපිටුපාලා නුඹ පාරට හැරෙද්දැ යිරුව ඇති මැණික අද බිබිලට පලැද්දැ යිදවල් යන ගමන ඉර දෙවියන් හට බාරයිරෑ යන ගමන සඳ දෙවියන් හට බාරයිනිතර යන ගමන සඳ දෙවියන් හට බාරයිරුවැති මැණික ගණ දෙවියන් හට බාරයිබැද්දේ දිවි ගෙවන ඇතැම්හු ළා බාල දැරිවියන් වෙත ආදර ලෙන්ගතුකම් දක්‌වති. එවැනි කෙනෙකු වෙත අපහාස උපහාස මුඛයෙන් බලන ජන කවියාපින්නේ නනා මෝරණ මල් කැකුළු කැලේපෙති ඉහිරී වැටුන ඉරු රැස් වැටුණ කැලේපිපුණ මලට ඇති ආදර බඹර කැලේනොපිපුණ මලට තනි රැක්‌කේ කිමද මලේ?යෑයි කියන්නේ සොබා දහම හා සාරධර්ම එකට බැඳී ඇති බව පෙන්වා දෙමිනි. සොබා දහමට විරුද්ධව ජීවිත ගෙන යැම බලවත් වරදක් බව ජන කවියා පෙන්වා දෙන්නේ, "බඹරුන් පවා ආදරය කරන්නේ පිපුණ මල්වලට පමණක් නමුත් උඹ පමණක් ඇයි මේ අන්දමට නොපිපුණ මලකට තනි රකින්නේ? යෑයි අසමිනි. ජන කවියා මෙහිදී නොපිපුණ මලට තනි රකින බවක් දැක්‌වීමෙන් පාඨකයා තුළ ජනිත කරවන ආස්‌වාද ජනක සිතුවිලි කොතරම් අපූරුද. අශ්ශීල බවෙන් තොර එම යෙදුම තුළින් කියෑවෙන්නේ කටේ කිරි සුවඳවත් නොගිය ගැටිස්‌සියක් වෙනුවෙන් "හොර ගල් අහුලමින්" ඇය පසු පස්‌සේ යමින් කල් මරන එකෙක් ගැන ය.එහෙත් බැද්දේ වෙසෙන හැම තරුණයෙක්‌ම නොපිපුණ මල් කැකුළු තලා දමන්නට තැත් නොකරති. ඔවුන් නිසි වියට පත් තරුණ කැකුළියන්ට ආදරය දක්‌වයි. එසේ ආදරය කරන ඔවුන් තම ආදර වන්තියන් අරබයා රසවත් කවි සිතුවිලි මවන්නේ මේ අන්දමටය.තල් වත්තේ තල මල පිපුණා වාගේපොල් වත්තේ පොල් මල පිපුණා වාගේකහ වත්තේ කහ මල පිපුණා වාගේපින්න මලයි නුඹෙ මුහුණයි එක වාගේකන්ද උඩට යන කොට ගම පෙනීයන්දෑල දෙකට පෙති ගෝමර ඉසීයන්පැදලා යන්ට අත්තටු දෙක මැවීයන්ළපටි නෑනා මට හීනේ පෙනීයන්දුර එන කොට වැට කෙයියා මලක් වගේළඟ එනකොට රිදියෙන් කළ වැඩක් වගේගෙට එන කොට ගෙයි දැල්වෙන පහන වගේමගෙ මැණිකේ මට මහනෙල් මලක් වගේසඳරුවන් ලොකුහේවා