කියවිමෙන් මිනිසා සම්පුර්ණ වන බව ඉංග්‍රිසි ජාතික බේකන් පඬිවරයා සඳහන් කළේ ඒ පිළිබඳව බොහෝ හේතු ඇති හෙයිනි.ලොව පුරා පැතිර පවතින දැනුම අප වෙත ලගාවන්නේ ප්‍රධාන ලෙසම පොත්පත් කියවීම මඟිනි. නූතන සමාජයේ මිනිසාගේ දැනුම දියුණු කිරීමට ඉවහල් වන මං කිපයක්ම පවතී. ප්‍රසිද්ධ දේශනවලට සහභාගි වීමෙනුත්,ගුවන් විදුලිය හා රූපවාහිනිය ආදියෙනුත්,දේශ සංචාරයෙනුත් මිනිසාගේ දැනුම දියනු වී ඔහුගේ බුද්ධිය පළල් වන බව පැහැදිළිය. සෑම දෙයකටම වඩා පහසුෙවන් අප වෙත දැනුම ලඟාකර ගත හැක්කේ ලොව පුරා පහල වූ නොයෙකුත් උගතුන් විසින් ලියන ලද පොත් පත් මඟිනි.
අද ලෝකයේ හැම විෂයක් සම්බන්ධයෙන්ම පොත් විශාල ගණනක් ලියවි ඇත. මේවා ලියවි ඇත්තෙ විවිධ භාෂා වලිනි. ලොව පුරා විවිධ භාෂවන්ගෙන් ලියවුණු පොත් ඉංග්‍රිසි හා ප්‍රංශ වැනි ලෝක භාෂාවන්ට පෙරළි ඇත. එම නිසා මේ භාෂා එකක් හෝ දෙකක් දන්නා අයට ඕනෑ තරම් පොත් පත් කියවා තම දැනුම දියණු කර ගැනිමත්,තම ජිවිත සාර්ථක කර ගැනිමත් අපහසු නොවේ. සිංහල වැනි භාෂාවකින් ලියවි ඇති වටිනා පොත් කියවිම සිංහලයන්ගේ ප්‍රයෝජනයට හේතුවේ.කලකට පෙර නම් සිංහලයෙන් ලියවුනු පොත් එතරම් තිබුනේ නැත. අවුරුදු දහස් ගණනක් තිස්සේ කාලය නැමති විචාරකයාට මුහුණ දෙමින් ඉතිරිව ආ පැරණි සාහිත්‍ය පොත් කීපය අද දක්වාම අපේ රටේ ජනතාව ආදරයෙන් කියවිමෙන් අපේ ජනතාවට වුයේ සෙතක්මය. අමාවතුර, බුත්සරණ, පූජාවලිය, සද්ධර්ම රත්නාවලිය, පන්සිය පනස් ජාතක පොත ආදිය අපේ ජනතාවට දෙලොවම දියනුව සලසා දුන්නේය.
අප විසින් නූතන සාහිත්‍ය පොත් කියවන අතරම අපගේ පැරණි සාහිත්‍ය ගැනද දැනුමක් ඇතිකර ගතයුතුය. "නූතන සෝවියට් සාහිත්‍යයේ දියණුව ඇතිකර ගැනිමට නම් රුසියාවේ පැරණි සාහිත්‍යයත්, විශ්ව සාහිත්‍යයත් එකසේ හදාළ යුතුයි" රුසියානු මහා ලේඛක මක්සිම් ගෝර්කි පවසන්නේ මේ නිසාය. නුතන සිංහල සාහිත්‍ය දියුණුකර ගැනිමට වෙහෙසන අප තුළ විශ්ව සාහිත්‍ය මෙන්ම පැරණි සාහිත්‍ය ගැනද දැනුම අත්‍යාවශ්‍ය වේ. සිංහලෙන් ලියවි ඇති පොත් සෑහෙන ප්‍රමාණයක් දැන් අපට තිබේ. අපේම නවකතා , කෙටිකතා හා කාව්‍යන් මෙන්ම විශ්ව සාහිත්‍යයේ උසස් කෘතීන් කිහිපයක අනුවාද දැන් සිංහලයෙන් දක්නට ලැබේ. සිංහල සාහිත්‍ය දියණු විමට නම් අපේ පාඨකයන් විසින් සිංහලෙන් ලියවි ඇති වටිනා පොත් කියවිය යුතුය. පොත් අලවි වන ප්‍රමාණයට ඒ පොත් ලියන කතුවරයන්ද දිරිමත් වේ.
අනෙක් අතට බාල පරපුර පොත් පත් කියවිමට පුරුදු විම ඔවුන්ගේ ම යහපතට හා දියුණුවට හේතු වන අයුරු පැහැදිළිව පෙනෙන්නට ඇත. පාසලක ඉගෙන ගන්නා දරුවන් අතර වුවද පොත් කියවන්නන් අනෙක් අයට වඩා දස්කම් දක්වන බව රහසක් නොවේ. යම් බසකින් ලියවි ඇති පොත් වැඩියෙන් කියවන තැනැත්තා තුළ ඒ බස පිළිබඳ විශාල දැනුමක් ඇතිවේ. එපමණක් නොව ඔහුට එම බසින් නිවරිදි ලෙස ලිපි ලේඛන ලිවිමටද හැකියාව ලැබේ. උසස් ලේඛකයන් බවට පත්වූ බොහෝ දෙනෙක් එසේ වූයේ පොත් පත් කියවිමෙන් තම රචනා කුසලතාව දියුණු කර ගැනිමෙනි.
පොත් කියවිමෙන් කෙනකු තුළ ඇතිවන්නේ භාෂා දැනුම පමණක් නොවේ. නොයෙකුත් විෂයන් ගැන ඔහු තුළ ඇති වන්නේ සැළකිය යුතු දැනුමකි. විභාග වලට නියමිත පොත් පමණක් නොව හැකිතරම් දුරට බාහිර පොත්ද කියවිය යුතුය. විනෝදය සඳහා කියවන නවකතා කෙටිකතා ආදියෙන් පාඨකයාට ජන සමාජය පිලිබඳ හොඳ දැනුමක් ලබාගත හැකිය. මේ සඳහා ඔවුන් විසින් තෝරාගත යුත්තේ ජිවිතයත් ජන සමාජයත් විවරණය කරමින් ලියවුණු උසස් පෙළේ නවකතා මිස බාලයන්ගේ සිත් දිනා ගැනීමට ලියන පහත් ගණයේ කාමුක හා අපරාධ ගැන ත්‍රාස්‍යජනක කතා නොවේ.
බාල පරපුර විසින් කියවිය යුතු වටිනා පොත් වර්ගයක් නම් ශ්‍රේෂ්ට පුද්ගලයින්ගේ චරිත කතාය. මේ තුළින් පාඨකයා තුළ ද ශ්‍රේෂ්ටත්වය කරා යාමට ධෛර්ය ඇතිවේ. පොත් කියවිමේ ආශාව ඇතිකර ගැනිමෙනුත්, කියවිමට සුදුසු පොත් තෝරා ගැනිමෙනුත් හැම කෙනකුටම තම ජිවිතය සාර්ථක කර ගැනිමට හැකියාව ලැබේ.
