
මුළු ලෝකයම එක්තැන් කරන එකම ජාලයක් බවට පත් කරන මධ්‍යස්ථානයක් ලෙස අන්තර්ජාලය හැඳින්විය හැකිය. ෙලාව එකම ගම්මානයක් බවට පත් කරන මිනිස් ෙමාළයේ අපූර්ව නිර්මාණයකි පරිගණකය. දහ අට වන සියවසෙන් පසු ගෝලීයකරණය වඩා සාර්ථක වු අතර පරිගණකයේ උපකාරයත් සමග එය වඩාත් සාර්ථක විය. තවද අතැඹුලක් සේ දකින්නට පරිගණකය මහඟු සවියක් විය. කලක් තිස්සේ එය උසස් සමාජ මට්‍ටම් වල අයට සීමා වු අතර අද වන විට එය මුළු ලෝකයම පුරා ප්‍රචලිත වී ඇත්තේ මිනිසා ඉදිරිපිට තබා ඇති යෝධ පිම්‍මක් හුවා දක්වන්නට මෙනි.
ශ්‍රි ලංකාෙව් අපට නම් හුදකලා රාජ්‍යයක් ලෙස පරිගණකය අද වන විට නැතිවම බැරි තත්වයට පත්ව ඇත. අන්තර්ජාලය මගින් අපට ලෝකයේ වෙනත් රාජ්‍ය සමග කිට්‍ටු සම්‍බන්ධතා පැවැත්විය හැකිය. රාජ්‍ය මට්‍ටමින්ද, ව්‍යාපාරික මට්‍ටමින් හා අධ්‍යාපනික මට්‍ටමින් ද දැනුම ලබා ගැනීමට ෙහාඳම මාර්ගය අන්තර්ජාලයයි. අතීතයේ මෙන් නොව තොරතුරු සන්නිෙව්‍දනය ඉගෙන ගැනීම සදහා ද ඉතාමත් ශිඝ්‍රගාමී මාධ්‍යයක් ලෙස අන්තර්ජාලය හැදින්විය හැකිය. ලංකාෙව් සිටින ඕනෑම පුද්ගලයෙලකුට ලෝකයේ ඕනෑම රටක සිටින ඕනෑම පුද්ගලයෙකු සමග විද්‍යුත් මාර්ගයෙන් හෝ සජිවී ලෙස සම්බන්ධ වීමට හැකි එකම මාර්ගය ද පරිගණකයයි.
එසේම රෝග සදහා ප්‍රතිකාර, රෝග නිවාරන ක්‍රම මෙන්ම දුර්ලභ ඖෂධ වර්ගද ලබා ගැනීමට ද අන්තර්ජාලය ඔස්සේ කටයුතු කිරිමට හැකිය. තවද ගුවන් යානාවල මෙන්ම නෞකාවල පීඩනය ද බාහිර බලයන් සහ එන්ජින් ක්‍රියාකාරිත්වය සහ වේගය මනිනු ලබන්නේ පරිගණක පද්ධතියක් මගිනි.
ලෝකයම අතැඹුලක් සේ දැනගත හැකි වුවද එය පරිපූර්ණ වාසිදායක මාධ්‍යයක් නොවේ. එයට හේතුව අසභ්‍ය වීඩියෝ දර්ශන වලට ඇබ්බැහි වීමද, විවිධ රටවල සංස්කෘතීන් අප රටට ගලා ඒමද අන්තර්ජාලය හරහා සිදුවීම වැළැක්විය නොහැකි කාරණයකි. ශ්‍රි ලංකාවේ සභ්‍යත්වය පිරිහිමට අද වන විට ප්‍රධාන කාරණයක් බවට අන්තර්ජාලය පත් වී ඇත.
තවද දිගු කාලයක් පරිගණකයේ ක්‍රීඩා කිරිම නිසා ළමුන්ට කෙළිදෙළෙන් සාමූහිකව ගත කිරිමට ඇති කාලය සීමා වී ඇති අතර එවිට එකිනෙකා අතර ඇති සාමූහිකත්වය බිද වැටී ඔවුන් ඔවුන්ගේම ලෝකවල තනි වූවන් බවට පත් වී ඇත.
එසේම ඉතාම කාර්යයක්ෂම, ලෝකයත් සමග උරෙනුර ගැටී ගමන් කරන මිනිසා සිය පවුල, දෙමාපියන්, දූ දරුවන්ට ඉටු විය යුතු යුතුකම් පවා පැහැර හරිමින් වෙනස් වන ලෝකය සමග දිව යන්නේ මිනිසාත් රොබෝවරුනුත් අතර වෙනසක් නොමැති බව පසක් කරමිනි.
පරිගණකය තුළ යහපත් දේ සතුකර ගැනීමට අයහපත් දේ තරයේ ප්‍රතික්ෂේප කිරිමටද නූතන මානවායාට හැකියාව නැතැයි කිව නොහැකිය. එබැවින් යහපත හා අයහපත මැනවින් වෙන්කොට ජාතික සංවර්ධනය සදහා ලබා ගත හැකි උපරිම ප්‍රයෝජනය ලබා ගැනීම ශ්‍රි ලාංකීක අප සතු වගකීමකි.