


සම්පූර්ණයෙන්ම නිදහස් නිවහල් රටක අපි මේ සැරේ නිදහස් දිනය සමරනවා...එහෙම නිදහස් නිවහල් රටක් අපට ලබා දුන් අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුලු මව්බිම වෙනුවෙන් දිවි හිමියෙන් සටන් වැදුනු සියළුම රණවිරුවන්ට අපගේ ප්*රණාමය පුද කල යුතුයි.ඒ වගේම මේ වෙනුවෙන් දිවි පුදපු රණ විරුවන් වත් මේ සටනෙදි අබාධිත වුන රණවිරුවන්නුත් අපි මේ මොහොතෙ ගෞරවයෙන් සිහි කරන්න ඕන.ඒ වගේම අතීතයේදී මේ රට රැක ගන්න තමන්ගේ ජීවිත පරදුවට තිබ්බ ඒ අපේ ජාතික වීරයොත් අපිට මේ වෙලාවේ අමතක කරන්න බෑ.මොකද ඒ අය නැතිතම් සමහර විට අපිට අද මෙහෙම රටක් නැති වෙන්න තිබ්බා.මේ හැමෝම මතක් කරගෙන අපි 62 වන නිදහස් දිනය සමරමු. මෙය අපේ රටේ කිසිවෙකුට අමතක නොවන නිදහස් දිනයක් වනවා නොඅනුමානයි.දැන් කල යුත්තේ පක්ෂ පාට බේද අතහැරලා එකම ජාතියක් හැටියට නැගී සිටීමයි.එහෙම උනොත් 3 වන ලෝකයේ සිටින අපට 1 වන ලෝකයේ සංවර්ධිත රටවල් අතරට යන එක එතරම් අපහසු නොවනු ඇති.රටක් ජාතියක් හැටියට එකට නැගී සිටිමු.ඔබ සැමට සුභ අනාගතයක්..!!