Thursday

රුවන්වැලි සෑය




දිලි දිලි දිලෙන දිදුලන
තාරකා යට
සිලි සිලි සිසිරි
මල් සුළගින්-රැගුම් දෙන
සිතු සිතු සිතින්
ම්හිරස හද නිවාලන
වැද ව්ද වෙහෙර
රුවන්වැලි සද
රදුන් සද

පිහි මන නදන -තුරුගොමු
විල් පිලෙය
එ මත පිපෙන -සියපත
මන කදෙය
දස අත හමන -සිසිලස
ගත නිවෙයා
මහ සෑ රඡුන්
නුඹ
සියොළග දිලෙය

ඉගෙනුම
පැතුම් සිත් පොදි බැදන්
නන් දෙසින් ව්ත් එකට
දැනුම අහුලනට
බැදුනු අත්වැල්
සොදුරයි
දිවිසයුර
ඡයගන්නට
සිප් නැදුන් අැදුරාණ
වෙ කෙසෙ අමතක කරමිද







Tuesday

පුංචි හිතට දුක දැනිලද











මොකද පුංචි හාමුදුරුවො
ඔය හැට් කල්පනාවක්
අම්මා අප්පා ගැන සිතිලද
ඔය හැට් කල්පනාවක්
කදුළු හෙළපු හැට් මතකයි
හොද හැට් ඒකවතාවක්
පුංච් හිතට දුක දැනිලද
අායෙත් ඒකවතාවක්
බුත්සරණ අමාවතුර සහ
ලේවැඩ සග‍රාවක්
තනියට මෙන් ළගින් ඉදියි
මහ ලොකු භාවනාවක්

ඡිව්තය











සුන්දරයි ඔබ ව්ටෙක

ගලා යන ගගක් ලෙස

අකීකරුයි ඔබ ව්ටෙක

චණ්ඩ වු රළ පෙළක් ලෙස

සෙෳමයයි ඔබ විටෙක

සුමුදු මුදු සද කිරණ ලෙස

එහෙත් ඔබ අනියතයි

උදෑසන පිපි

පිනි මලක් ලෙස ..........

ඉර සහ හද ඉර



අහස බලව් !
එහෙන් මෙහෙන්
නොඑක් පාට
කොඩ් අැදිලා

පොළව බලව් !
එහෙන් මෙහෙන්
නොඑක් පාට
මල් ඉහිලා

අහසෙ පොළොවෙ
එහෙන් මෙහෙන්
නොඑක් පාට
හළි වැට්ලා

මෙ උදයයි
මහ පුදුමයි
නැගෙනහිරින්
හිරි නැගිලා

සිංහරාඡ වනන්තරය

සිංහරාඡ වනන්තරය ලංකාවෙ ඡාතික හා ස්වාභාවික වනාන්තර අතරින් ප්‍රමුඛස්ථානයක්
ගන්නා සුව්ශේශී ඡාතික සමිපතකි එය රැකගැනිම අපගෙ යුතුකම හා වගකිම වන්නේය.





















Sunday

අපට අහිම් අපේ අාදරය

මට සෙනෙහස පිදුවත්

ඔබට සෙනෙහස පිදුවත්

මට ඔබ

හිමි නොවන බව සත්‍යයකි

අප අපට පෙමි කරනා බව

සත්‍යකි

Friday

හාමුදුරැවනෙ

දෙපා වදිමි අවසර දෙනු මැන
මෑණියනිබෝ මලුවේ
සිලි සිලියෙන් හදවත
නිවුනිසුදු වැල්ලේ
පිය නැගුවෙමි
පා යුග රැඳුනිසසර දු
කින් එතරවන්න
මගේ සිත පිරිණි......
දෝතින් ගෙන
සුදු මල්
පොඩි බුදු හිමි
වඳිමිකසාවතින් සැරසි
මම සිල් පද රකිමි
එපින් බලෙන්
වරිග සතර එතර කරවමි
අවසන් දින
දෙපා වඳිමි
මගෙ මෑණියනි
ගඟකි ඔබ නිහඬනිසල
ලෙසට ගලා යන
මම පුංචි මල් පියල්ලකි
වැටුනු ගං දියට
මා
ළඟින් රැදෙන බව
විටෙක අමතක වුවද
දනිමි ඔබ
මා
දමා දුරින් දුර
නොයන බව................
දයාබර දෑස් යුග
දුර ඈතරඳවාන විටෙක
ඔබ
එකම එකවදනකුදු
නොදොඩාම හිදින විට
නුහුරා තනිකමක්
දැනුනත් හිතට
දනිමි ඔබේ හිත පුරා
රැඳුනු සෙනෙහස තරම................
බොළඳ හිතුවක්කාර
නොසන්සුන් මගේ හිතට
ඔබ
ගේන ආදරේ
දනිමි මහමෙරක් ලෙසට
ඔබේ
එක දසුනකින් සිත
නිවීපහන් වන
කුමන අරුමයක්දැයි
කියා දෙන්න මට..............
නේක පාට විහිදවිසිරුණු
ලෝකයකමහිත අසරණ
නොකළසැබෑ ප්‍රේමය
නුඹ
යසසර සැරි සරණ තුරු
මගේම
වන්නට පතනපාරමී පුරා
සෙව්මගෙ ජිවිතය
ඔබ
සත්තමයි
ඔබමය...........

Thursday

පාසල හා සමුගැන්ම

හරිත තුරු ගොමු අතර
කෙලි කවට සිනා රැලි
දඟකාර හොඳ නොහොඳ
මතක දොර හැර දමා.......
පෙර දිනක මිතුදමින්
එකට අත්වැල් බැඳන්
පිය නැගු මග දෙපස
කඳුලු මල් බිම දමා....
නිල් අහස මහ පොළව
ගිඟුම් දෙන මහ හඩින්
කියන්නට සිතේ මුලු
ලොකයට කැ ගසා....
දමා යන්නට නොහැක
සිප් මවුනි දයාබර
උණුසුමේ මතක පොදි
රැඳුනු දිවි පුරා.....

බඔර පහසක් නොතබන්න

....සීත පිනි සළු
බලෙන් ගලවාතුරු
අගිස්සක පිපුනු
මල
සිඹ
ඹබර තුඩකට
හසු නොවන්නයි
ලොවට
රහසින්
කියන්නම්.............
මල් පිපෙන්නේ
රොන් පුරන්නයි
ඹබරු එන්නේ
රොන් උරන්නයි
සුමුදු මල් පෙති
තලා සිදබිදවෙන්ව
යන්නේ දුක බෙදන්නයි........
මල් පිපෙන්නෙ
සුවඳ දෙන්නයි
ලෝකයට
ලස්සන
බෙදන්නයි
මලෙන් ලෝකය
පුබුදු වු
දා
හාදු
සමනළයකුට
දෙන්නයි...... ..

මගෙ මවුනි ඔබ

මගේම මව් ලෙස
කිරුළ දිනන්නට
හැකි වේ ඔබ හට
උපදින මතු භවයේ
දෝර ගලායන
ඔබෙ මව් සෙනෙහස
ලැබෙනවා නම්
මටමතු මතු සංසාරේ
කියමි කතාවක්
නලල් තලය
සිපවන්නෙමි
පුතු
ඔබේ
සසර පුරාවට.............

සැමදාම ගිලිහුනත්

උණු කඳුලු බිංදුවක්

දැක්කමයි ඒ බිඳක

උතුරනවා සතුටක්.....

ජීවිතය ජයගන්න

ඔබට සෙවනක් වෙන්න

පෙව් රන් කිරි කඳුලුවුනා

මගෙ දිවිය සවිමත්....

මා සුවෙන් නළවන්න

ඔබ ගැයු ගී වදන්

මම ගයමි සෙනෙහසින්

සනසන්න ලොකයක්.....

මහමෙරක් බර දරන්

සිත පුරා තද කරන්

උන්නු ඒ ඇස් දෙකෙන්

දුන්නු ආලොකය සැපක්.....

ඔබ පෑව ගුණහරුකම්

වේවි මගෙ ලොව ඔපවත්

මිලක් නියම නැතිවුත්

වේවි සදහට ස්නෙහයක්...

Wednesday

ම්නිස් ඡිව්ත

අව්වට ද වැස්සට ද
එක ලෙස නිරාවර්ණිත
අබලන් වු වහළ
දිරා ගිය ලෑලි
ගොනි පඩංගු
උණුසුම් වු පේළි ගෙවල්
පිරී ඉතිරෙන කුණු කානු
අපව්ත වු වැසිකිළි
ඡුගුප්සාඡනක දුගද
නිාවර පෙරා ගත්
කිළිටි අැදුම් අැගලාගත්
අව්හිංසක මල් කැකුළු
පච්චා කෙට් අව් ගත් ම්නිසුන්
ලාබ සළුපිළි වත් සුනු තවරා
දිවා රෑ සරන සමනළියන්
නේක දුක් ව්දින ගැහැනුන්
නෙක දුක් ව්දින මිනිස්සු
අප අතර ම දිවි ගෙවති
අපමණ වු දුකින්
පිරිපුන් සිතක් කොයි අතකවත් නැත
කුරිරු වූ අඳුරම පැතූපිරිපුන් ගතක් වෙද
කොයි ලෙසත් අනෙකෙකුගෙ සතුටට
පෙම් කෙරූකඳුළක් නොදත් සතුටේම
මිරිඟුව හඹා මුසපත් වී ගැලූලෝකයක් තුළ
ආඩම්බරක් නුඹ මගේ සිත
කණපිට බැලූආලයක් නොදැනෙන ලෝකයක්
තුළ නුඹෙ නුවන් එළියක් මුසූතාලයක් නොඇසෙන
ලෝකයක් මත නු‍ඹෙ සිනා සිසිලක් ගැලූප්‍රීතියක්
එපමණ දුකක් මුසු කළ මා සිතේ සදහට
තැබූගීතයක් නෑසුන නළඟනක් නුඹ හදවතින්
රිද්මය ඇසූවිරු දුව නුඹයි ලෝ කවිය
නොඇසුව දනන් හට අරුතක් ලියූසොයුරිය
නුඹයි එක තාලයට පා සළඹ සොලවන හැටි
කියූමුදු නල නුඹයි මා වෙත හැමූ රූ සිරි
මවා මා හද පෙලූනළඟන නුඹයි
සුසුමක් මුසූ කඳුළක්
අරන් මා හද සැලූ

Tuesday

පිළිකාව

මරණයෙ උසාව්ය
අබ්මුවට කැදවම්න්
ලද සිතාසිය අතැති ව
අැය ගිලන් අැද මත
පියයුරු පිළිකාව
වැසිය නොහැකි ය
ඔය පොරොනයෙන්
ඉතින්
ඉවත ලන්න
නමුත්
පිලිසිය නොහැක
ඔය කාමාග්නි බැල්මෙන්
ඉවත ගන්න
ඔය නෙත
පිළිකාව මාරාන්තිකයි

Friday

සම්පූර්ණයෙන්ම නිදහස් නිවහල් රටක අපි මේ සැරේ නිදහස් දිනය සමරනවා...එහෙම නිදහස් නිවහල් රටක් අපට ලබා දුන් අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුලු මව්බිම වෙනුවෙන් දිවි හිමියෙන් සටන් වැදුනු සියළුම රණවිරුවන්ට අපගේ ප්*රණාමය පුද කල යුතුයි.ඒ වගේම මේ වෙනුවෙන් දිවි පුදපු රණ විරුවන් වත් මේ සටනෙදි අබාධිත වුන රණවිරුවන්නුත් අපි මේ මොහොතෙ ගෞරවයෙන් සිහි කරන්න ඕන.ඒ වගේම අතීතයේදී මේ රට රැක ගන්න තමන්ගේ ජීවිත පරදුවට තිබ්බ ඒ අපේ ජාතික වීරයොත් අපිට මේ වෙලාවේ අමතක කරන්න බෑ.මොකද ඒ අය නැතිතම් සමහර විට අපිට අද මෙහෙම රටක් නැති වෙන්න තිබ්බා.මේ හැමෝම මතක් කරගෙන අපි 62 වන නිදහස් දිනය සමරමු. මෙය අපේ රටේ කිසිවෙකුට අමතක නොවන නිදහස් දිනයක් වනවා නොඅනුමානයි.දැන් කල යුත්තේ පක්ෂ පාට බේද අතහැරලා එකම ජාතියක් හැටියට නැගී සිටීමයි.එහෙම උනොත් 3 වන ලෝකයේ සිටින අපට 1 වන ලෝකයේ සංවර්ධිත රටවල් අතරට යන එක එතරම් අපහසු නොවනු ඇති.රටක් ජාතියක් හැටියට එකට නැගී සිටිමු.ඔබ සැමට සුභ අනාගතයක්..!!

නදී ගංගා තරණයේ

නදී ගංගා තරණයේ
සැරිසරා සැඩ මාරුතේ
ඉන්ද්‍රකීලයක් සේ…
නොසැලී මා යන මාවතේ
ලෝකයේ
සිංහ ලෝකයේ
සුලං රැල්ලේ දැවටිලා මන්ද මාරුතයේ
ගලා එන මණ්දාකිනී
හබා යමි හමු වෙන තුරා
ජීවිතේ උතුම් පැතුමන් හා
නිරතුරුව අභිමානයෙන්
මංමුලා නොවේ කිසිදා
ජවයමා සතු වේදිරිය
ගන්නෙමිගලා
යන දහසක් නදීබලා
සිටී මා එන තුරා
නිරතුරුව අභිමානයෙන්
නදී ගංගා තරණයේ…..

හැකියාව ගැන

අපි කාටත් හැකියාවන් තියෙනවා. ඒ වගේම නොහැකි දේත් තියෙනවා. මේ කළ හැකි හා නොහැකි දේවල් ගැන නිතරම අපට කතා කරන්න වෙනවා. ඒ මදිවට සමහර වෙලාවට – නයා දාන්න එහෙම – ඇතැම් උදවිය තමන්ට බැරි දේත් පුලුවන් කියලා කියනවා. ඇයි තව වෙලාවට වැඩකින් කර අරින්න ඕනැ වුණාම එහෙම පුලුවන් දේත් බැහැයි කියලා කියන්නේ.කොහොම කොහොම හරි හැකියාව (ability) සහ නොහැකියාව (inability) ගැන කාටත් නිතරම වගේ හිතෙනවා

සංසුන් මනස ගෙනදෙයි සැනසිම

'දූරඞගමං ඒකචරං
අසරීරං ගුහාසයංයේ
චිත්තං සඤ්ඤමෙස්සන්ති
මොක්ඛන්ති මාරබන්ධනා'
ගුහාවක වාසය කරන තැන තැන හැසිරෙනඉන්නා තැනක් සොයා ගන්නට බැරි මේ සිතදමනය කළේද ඔහු මාරයාගේ බැම්මෙන් මිදුනෝ වෙයි. වර්තමානයේ සියලු දෙනාමපාහේ කාර්ය බහුල ලෝකයක් කරා අවතීරණ වෙමින් සිටිති. කායික හා මානසික වෙහෙසට පත්වු පුද්ගලයා තම කාර්යයන්ගෙන් මිදී විවේකීව සිටින්නට උත්සාහ කරයි. ඒ සඳහා සමහර අයෙක් ව්‍යායාම වලද, විනෝදගමන් යාමද, මිතුරන් හා එක්වී මී විතක් රස බැලීමෙන්ද කායික මානසික විවේකයක් ලැබීමට උත්සාහ කරති. එහෙත් එයින් සදාකාලික මානසික තෘප්තියක් අත් විඳිය නොහැක. අපි සියලු කල්හිම පසිඳුරන්ගෙන් අරමුණු රැස් කරමින් සිටිනෙමු. එහෙත් ඉන්ඳ්‍රියන් පිනවා සෑහීමකට පත් වුයේ කවුද? මිනිසා සතු අතෘප්ති කර ආශාවන් නිසා සෑහීමකට පත් නොවීම හේතුවෙන් ඉච්ජාභංගත්වයට පත් පුද්ගලයා මානසිකව වෙහෙසට පත් වෙයි. මෙයට හේතුව අප නිතරම ඇසින්, කනින්, නාසයෙන්, දිවෙන්, කයෙන් ගන්නා රූප, ශබ්ද, ගන්ධ, රස , ස්පර්ශයන් නිසා, ලෝභ, ද්වේශ, මෝහ, රාග යන අකුසල චෛතසික ධර්ම අප සිතතුළ වර්ධනය වීමයි. මෙවැනි අසහනකාරී පුද්ගලයන් නිසා සමාජයට විවිධ බලපෑම් ඇති කරයි. මේ නිසාම කායික රෝග මානසික රෝග පීඩාවලටද හේතු වේ. බටහිර වෛද්‍ය විද්‍යාව පිළිගත්තේ මෑතක් වනතුරුම කායික හා සාමාජික සෞඛ්‍යය පමණි. එහෙත් අද වන විට කායික හා සාමාජික හා අධ්‍යාත්මික සෞඛ්‍යයත් පවතින බව බටහිර වෛද්‍ය විද්‍යාවද පිළිගෙන ඇත. ඔවුන් මේ පිළිබඳ පර්යේෂණ කර ඇති අතර දැනට පර්යේෂණ වලට බඳුන් වෙමින් පවතියි. ඔවුන් ප්‍රකාශ කරන්නේ ස්නායු ගත රෝග රුධිර පීඩාවන් වැනි ආබාධයන්ට මානසික නොසන්සුන් බවද හේතුවන බවයි. අකුසල චෛතසික ධර්මයන්ගෙන් වෙහෙසට හා පීඩාවට පත් වු මනසක් සංසිඳ වීමට, නිවීමට හික්ම වීමට වඩාත් සුදුසු වන්නේ, භාවනාව බව බටහිර වෛද්‍ය විද්‍යාවම පිළිගෙන හමාරය. පුද්ගලයා තුළ මානසික සන්සුන් බව ඇති කර ගැනීමෙන් නීරෝගී බව, ධාරණ ශක්තිය වර්ධනය වීම නිවැරදි තීරණ ගැනීමේ හැකියාව, ප්‍රශ්න වලදී කලබලයට හා කම්පනයට පත් නොවීම ස්වභාවය තේරුම් ගැනීමට හැකිවීම ඥාන ශක්තිය වර්ධනය වීමද ඉවහල් වනු ඇත. බුදු දහමෙහි මානසික සංවර්ධනයට නිර්දේශිත මාර්ගය භාවනාවයි. බෞද්ධ භාවනාව සමථ භාවනා හා විපස්සනා යනුවෙන් කොටස් දෙකකි. භාවනාව යනු හුදෙක් මනස සංවර්ධනය කිරීමේ ක්‍රියාවලියකි.

අමිමා

ස්වාධිනත්වය

සුදු පාට කඩදාසි කළු පාට සළකුණු මතින් තවකෙකුව පාගා දමා යලි ලියන ස්වාධීනත්වය අනෙකාට හොරෙන් හැංගිලා කළු චතුරස්‍ර කූඩුවක ගසා දෙපසට තවකෙකුට ඉරිකෑලි පරපුරෙන් පරපුර වගා කළ පණ අදින සිය "ස්වධීනත්වය" හැංගුවා කළු ලී පෙට්ටියක . මෙයද අප පතන "ස්වාධීනත්වය".................

Wednesday

පරිගණකය මඟින් ඉටුවන මෙහෙය


විසිවෙනි සියවසේ සිදුවන වෙනස්කම් කෙරෙහි බලපෑම් ඇති කරන පරිගණකය තාක්ෂණික දියුණුවේ අග්‍ර ඵලය ලෙස හදුන්වා දිය හැකිය. ලෝකයේ අද සිදුවන සිදු කෙරෙන සියලුම කාර්යයන් හා බැඳී පවත්නා පරිගණකය මඟින් ඉදිරි කාලයේදී අරුම පුදුම දේ සිදුවිය හැකිය. ඇතැම් විට එය සමස්ථ ලෝකයේ ශීඝ්‍ර විපර්යාසයකට මෙන්ම විශාල පරිහානියකට ද හේතුවිය හැකිවේ. එයට හේතුව ලෙස පසුගිය කාලපරිච්ජේදය තුළ එයට හානි කළ වෛරස දැක්විය හැක

 

About Me

My photo
sabaragamu university student

Blog Archive